නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 7 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
‘ඒෂියන් මොඩ්‘ ආයතනයේ රොමේෂ් ද සිල්වා එම පුද්ගලයායි. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අලෙවි ආයතනවලට ඇඳුම් මෝස්තර සපයන සැකකරු ඡායාරූපවලට නිරූපිකාවන් යොදාගෙන ඇත. ඔවුන් කිහිපදෙනකුගේ නිරුවත් ඡායාරූප බලෙන් රැගෙන ළඟ තබාගෙන ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු විසින් බලෙන් රඳවා ගන්නා ලදැයි කියන කාන්තාවන් තිදෙනෙක් පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසූයේ ඔහුට එරෙහිව ඇති පැමිණිලි සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
නීතිඥවරයා ඔහුට ඇපද ඉල්ලා සිටියේය.

