
( සුමිත් ප්‍රේමතිලක )
වඳවෙමින් යන සත්වයකු වන මෝරුන් මරා ගොඩබිමට රැගෙන එමින් සිටී ධීවරයින් පස්දෙනෙක් අද (05) අත්අඩංගුවට ගත්බව බේරුවල වෙරළ ආරක්ෂක බළකාය කියයි.
ඉකුත් ඔක්තෝම්බර් 31 දා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් සිටි කිලෝ 145 ක් බරැති තහනම් මෝරුන් පස් දෙනෙකු සොයාගෙන, සැකකරුවන් අත්අඩංගුවට ගෙන බෝට්ටුවද පොලිස් භාරයට ගෙන තිබේ .
කසා මෝරුන් දෙදෙනෙකු සහ පොල්කොල මෝරුන් තිදෙනකු මෙහිදී සොයාගත් බව පැවසේ.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල , බුබ්බුල වත්ත ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පස් දෙනෙකි .
කොළඹ ධීවර පරීක්ෂක මූලස්ථානයෙන් පැමිණි නිලධාරීන් පිරිසක් බේරුවල බෝට්ටු අංගනය පරීක්ෂණ පවත්වමින් සිටී.


