හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තරව ඇති මාර්ගය තල්විල මෝය අසලදී කැඩී විනාශ වී යාමට පටන් ගෙන ඇති අතර එම ස්ථානයට පාලමක් හදා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව දිවෙන මෙම මාර්ගය ප්‍රධාන මාර්ගයේ යම් වාහන තදබදයක් ඇති වුවහොත් ඊට විකල්පයක් ලෙසද භාවිතා කරන මාර්ගයකි.එමෙන්ම මුහුදු තීරයේ ජීවත් වන අති විශාල ජනතාවක් ද මෙම මාර්ගය දිනපතා භාවිතා කරති.මුහුදු තීරයේ පිහිටා ඇති තරු පන්ති හෝටල් වලට මෙන්ම සාමාන්‍ය හෝටල් වලට සංචාරකයින්ට ගමන් කිරීමට ඇති පහසුම මෙන්ම කෙටිම මාර්ගය ද මෙය වන්නේය.

![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1011.jpg)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1211.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1311.jpg)
