මහ ඡන්දයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් සුබ පතා තිබේ.
සාමකාමී මැතිවරණයක් පැවැත්වූ ලක්වාසීන්ට ද මෝදි සුබ පතයි.
නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධා තව දුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යෑමට හැකි වෙතියි විශ්වාස කරන බව ද මෝදි කියයි.

