මෝදනා පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්


නව වසරට ආශිර්වාද පතා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ සුවිශේෂ පින්කමක් ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේදී මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණ.

නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමස අනුශාසක නාඋයනේ අරියධම්ම නා හිමියෝ මෝදනා මෛත්‍රී විහාරස්ථානයට මෙම ධාතූන් වහන්සේ පූජා කළහ.

ධාතූන් වහන්සේලා උදෙසා මෙහිදී උදෑසන කිරි ආහාර පූජාව දහවල දෙතිසක් ව්‍යඤ්ජන සහිත ආහාර පූජාව සහ විශේෂ ධාතු වන්දනාව සහ ධර්ම දේශනාව විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි. මෝදනා අවට ජීවත් වන ශ්‍රී ලාංකික බොහෝ පරිසක් සහභාගී වූහ.