(සිතුම් චතුරංග)
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළ මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 16 ක් අද(23) කිලිනොච්චිය පුලියංපොක්කනෙයි කැළෑ ප‍්‍රදේශයක තිබී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා පුහුණු කඳවුරක් පිහිටි ස්ථානයේ තිබී මෙම මෝටාර් උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය පැවසීය. එය බර අවි යොදාගනිමින් ආරක්ෂක අංශ වෙත ප‍්‍රහාර එල්ලකළ ප‍්‍රධාන ස්ථානයක් බවද පොලිසිය කියයි.
කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.
දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් මෝටර් උණ්ඩ සියල්ල දිරාපත්ව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
සොයාගත් මෝටාර් උණ්ඩ පිළිබඳ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතය.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.





