මෝටර් වාහන නීතියට අදාළ සියලු කරුණු සහිත පොතක්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මෝටර් වාහන නිතීයට අදාළ වන සියළුම කරුණු එක්රැස් කර  ආදර්ශ ග‍්‍රන්ථයක් සකස් කිරීමට වාහන ආනයනයකරුවන්ගේ සංගමය කටයුතු කරන බව වාර්තා වේ.


මෝටර් වාහන වැරදි නිතීයක් බවට පත් වු අවස්ථාවේදී සිට එහි විකාශනය වු ආකාරය මෙන්ම මෝටර් වාහන පනත සංශෝධන සහිතව, මෝටර් රථ ගමනා ගමන සංඥා, මෝටර් වාහන පනතට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා පොලිස්පතිවරයා සහ රථවාහන කොට්ඨාශය විසින් නිකුත් කළ වැදගත් චක‍්‍රලේඛණ හා උපදෙස් පත‍්‍රිකාවල සාරාංශයන් අඩංගු වන පරිදි මෙම ආදර්ශ ග‍්‍රන්ථයක් සකස් කිරීමට අදහස් කරන බව වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිඤ්ගේ මහතා ලංකාදීපයට පැවසීය.


මෙම ආදර්ශ ග‍්‍රන්ථයේ මෝටර් රථවාහන සම්බන්ධයෙන් නිකුත් කර ඇති රජයේ අතිවිශේෂ ගැසට් පත‍්‍රය, මෝටර් රථවාහන සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දු, රථවාහන ෙක්‍ෂත‍්‍රය සම්බන්ධයෙන් 2000 වසරේ සිට ඉදිරිපත් වු අයවැය යෝජනා මෙන්ම සීඝ‍්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳ විමර්ශනයට පත් කළ පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාවේ වැදගත් කරුණු ආදිය අඩංගු කිරීමට සැළසුම් කොට ඇතැයි සම්පත් මෙරිඤ්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.


තම සංගමයේ සාමාජිකයින්ගේ අවශ්‍යතාවය මත මෙවැනි ආදර්ශ ග‍්‍රන්ථයක් සකස් කිරීමට අදහස් කරන බවත් එය දිවයිනේ පොලිස්ථාන වල රථවාහන අංශවල නිලධාරීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ඉතා වැදගත් විය හැකි බවද පැවසු මෙරිඤ්ගේ මහතා මෙම ආදර්ශ ග‍්‍රන්ථය ඉදිරි මාස කිහිපය ඇතුළත එළිදැක්වීමට කටයුතු කරන බවද පැවසීය.