මෝටර් රියක් වියානා ඇළට පෙරැළෙයි


(නිශාන්ත කුමාර)

බදුල්ල ප්‍රධාන  මහියංගන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක්  අද (26) එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළ මාර්ගයේ මාපාකඩ 08  කණුව ප්‍රදේශයේදී  මහවැලි ඇළට පෙරැළී අනතුරට ලක්ව ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.

ඇළ මාර්ගයට පෙරැළී ගිය මෝටර් රථය පෙරැළී ගිය ස්ථානයට  මීටර් කීපයක් පහළින් පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන ගොඩගත් බවද පොලීසිය පවසයි.

අනතුරට පත් මෝටර් රථය ගොඩ ගනු ලැබූවත් එහි ගමන් ගත් පුද්ගලයින්ට සිදුවූවේ කුමක්දැයි යන්න තෙක් අණාවරණය වී නොමැත.අනතුරට ලක්ව ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි .

මෙම මෝටර් රථය අනතුරට ලක්වු ස්ථානයේදීම මීට මාස කීපයකට   ඉහතදීද  මෝටර්  රථය දෙකක්  හා ත්‍රීවීල් රථයක් අනතුරට ලක්වීමෙන් හය  දෙනෙකුට  දිවි අහිමිවිය. 

ඡායාරූප - රංජිත් කරුණාවීර