කේ බුද්ධික කුමාරසිරි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් සියයක පමණ දුරක් ඇදී ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව මාධ්‍ය මගින් ද කීප විටක් දැනුම්වත් කලද බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කර නැතැයි ප්‍රදේශවාසීහු කියති.
මෝටර් රථය දුම්රියේ ගැටෙන ආකාරය අසල වෙළඳසලක තිබූ සීසීටීවී දර්ශනවල සටහන් වී තිබිණි.
මෝටර් රථයක් දුම්රියේ ගැටී මවක සහ දියණියක රෝහලේ
Recommended Articles