මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී කථිකාචාර්යවරු 5 ක් රෝහලේ


(පාලිත ආරියවංශ)
 
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්  5 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (2) බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී තිබේ.
 
එහි ගමන් ගත් 5 දෙනාම තුවාල ලබා බදුල්ල මහරෝහලට  ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
 
අඩි 40 පමණ  ප්‍රපාතයකට රථය පෙරළී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.