මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු වහයි


( තිළිණි ද සිල්වා )

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ අත්හිටුවීමට ද තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.