මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වහයි


(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවල සේවකයින් කිහිප දෙනෙකු ‘කොවිඩ් -19’ ආසාදිතයන් බවට තහවුරු වීම නිසා මෙ කාර්යාල දෙක සඳුදා (16 වැනිදා) සිට තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.