(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෙරොයින් කිලෝ 23ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී මහාධිකරණය විසින් නියම කළ මරණදඬුවම ඇතුළු දඬුවම් ඉවත් කරන්නැයි ඉල්ලා ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරු යැයි කියන මොහොමඩ් සියාම් සහ ඔහුගේ බිරිඳ විසින් ගොනු කර තිබු අභියාචනය ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අද (4) යළි තහවුරු කළේය.
හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මොහොමඩ් සියාම් නමැත්තාට මරණ දඬුවම ද ඔහුගේ බිරිඳ වන මුර්ෂිඩා සියාම් නමැත්තියට ජිවිතාන්තය දක්වා වු සිරදඬුවම් ද නියම කර තිබු අතර එම දඬුවම් ඉවත් කිරීමට තරම් කරුණු අභියාචනයේ දී හෙළි වී නැතැයි සඳහන් කළ අභියාචනාධිකරණය මොහොමඩ් සියාම් සහ ඔහුගේ බිරිඳ විසින් ගොනු කර තිබු අභියාචනය නිශ්ප‍්‍රභා කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික‍්‍රමසිංහ සහ ජනක් ද සිල්වා විනිසුරු මඩුල්ල විසින් මෙම අභියාචනය නිශ්ප‍්‍රභා කරමින් අදාළ නියෝගය නිකුත් කළේය.
2003 නොවැම්බර් 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ වෝඩ් පෙදෙසේ දී හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කරමින් 2007 දෙසැම්බර් 17 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව නඩු විභාගය අවසානයේ දී විත්තිකාර මොහොමඩ් සියාම් නමැත්තාට මරණ දඬුවම ද ඔහුගේ බිරිඳ වන මුර්ෂිඩා සියාම් නමැත්තියට ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම් ද මහාධිකරණය නියම කෙරිණි.
මහාධිකරණයේ තීන්දුව හා දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විත්තිකාර යුවළ විසින් අභියාචනා ඉදිරිපත් කර තිබු අතර එම අභියාචනය විභාග කළ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ට මහාධිකරණය විසින් නියම කළ දඬුවම් තහවුරු කරමින් ඔවුන් විසින් ඉදිරිපත් කළ අභියාචනය ප‍්‍රතික්ෂේප කළේය.

