
(යොහාන් භාසුර)
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පෙරවරුවේ වැඩ බාරගත්තේය.
දෙස් විදෙස් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක හතරක පමණ කාලයක අත්දැකීම් ඇති සමරනායක මහතා ජනාධිපති ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.
‘දවස’ පුවත්පතේ උපකර්තෘවරයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට පැමිණි සමරනායක මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇතුළු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන රැුසක උසස් තනතුරු හෙඹවීය. ඒ මහතා එක්සත් ජාතීන්ගේ ප‍්‍රවෘත්ති කේන්ද්‍රයේ ප‍්‍රධානියා ලෙස ද දිගුකළක් කටයුතු කළේය.
(ඡායාරූප රෙමේෂ් ධනුෂ්ක සිල්වා)





