මොහාන් පීරිස්ගේ රට ගමන් තහනමක් පතයි


අග විනිසුරු ලෙස වැඩ කළ ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන් වන තුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්නැයි රේගු නියෝජ්‍ය අධිකාරී සී ආර් රත්නසිරි හා නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු මහත්වරු අද අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.

ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීම සඳහා මැන්ඩාමුස් ආඥාවක් පනවන ලෙස ද ඔවුහු ඉල්ලති.

රුපියල් හැට කෝටියක් සම්බන්ධයෙන් මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි ද, එම දෙදෙනා කියති.