මොරටුමුල්ලේ නිවසකට බලෙන් ඇතුළු වී තරුණියක පියයුරුවලින් උස්සා බිත්තියට තබා තර්ජනය කළැයි කියන බස්නාහිර පළාත් එජප මන්ත්‍රීවරයකු හා හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු සිව් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම් එම් මිහාල් මහතා නියෝග කළේය.
බස්නාහිර පළාත් එජාප මන්ත්‍රී සේනක දමයන්ත, මොරටු නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අතුල පීරිස්, දිනේෂ් ප්‍රනාන්දු නොහොත් ජින්නා හා මංජුල පීරිස් එම සිව් දෙනා වෙති.
මංජුල පීරිස් අධිකරණයට භාර වූ අතර සෙස්සෝ පොලිසියට භාර වූහ.
පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස මහේස්ත්‍රාත් ඔවුනට තරයේ අවවාද කළේය.
පසුගිය 15 වැනි දා මොරටුමුල්ලේ එම නිවසට ගොස් තරුණියකට හිංසා කිරීම, බැණ වැදීම හා නිවසට අලාභ හානි කිරීම ඇතුළු චෝදනා හයක් මෙම පිරිසට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මාර්තු 29 වැනි දා පැවැති බස්නාහිර පළාත් ඡන්දයේ දී සන්ධාන අපේක්ෂකයකුට උදව් කළැයි කියන සිද්ධියක් මත මේ පිරිස නිවෙස් දෙකකට පැන හිරිහැර කළැයි මොරටුමුල්ල පොලිසියට පැමිණිලි හතරක් ලැබී ඇත.
තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

