මොරටු පුත්තු දෙන්නෙක් ඉතාලි නගර සභාවකට


ඉතාලියේ පාදෝවා මහා නගර සභාවට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් එහි පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඡන්දයෙන් පත්වී සිිටිති. හතර දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වූහ.මොරටුව ලූනාවේ පදිංචි ශේහාන් සිල්වා (41) හා මොරටුව කොරලැවල්ලේ පදිංචි සජිත් ප‍්‍රනාන්දු, (51) මහත්වරු තේරී පත්වූහ. වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවකු වන ශේහාන් සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලූතිනන්වරයෙකි. ඔහු වසර 16ක් පුරා භාෂා පරිවර්තකයකු වශයෙන් සේවය කරමින් පාදෝවා නගර සභා බලප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ලබා සිටියි. මොරටුව එගොඩඋයන මහා විදුහලේ ආදි සිසුවකුවන සජිත් ප‍්‍රනාන්දු මහතා ද වසර 21ක පටන් පාදෝවා නගරයේ ජිවත් වෙයි.පාපැදි ශූරයකු වූ ඔහු මොරටුව කොරලවැල්ලේ ව්‍යාපාරිකයෙක් ද විය.ඔහු ඉතාලි වැනෙතෝ පළාතේ ප‍්‍රසිද්ධ සමාජ සේවකයෙකි.ශේහාන්ට ඡන්ද 178ක් ද, සජිත්ට ඡන්ද 110ක් ද ලැබිණි. ප‍්‍රකාශ කළ මුළු ඡන්ද ප‍්‍රමාණය 378කි. එහි ශ්‍රී ලාංකිකයෝ 967 දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. ශේහාන් සිල්වා සජිත් ප‍්‍රනාන්දු