මොණරාගලට මහ වැසි සමග සැඩ සුළං


මොණරාගල, ඇතිමලේ, කැකුලාන, වට්ටාරම හා වත්තේගම ප්‍රදේශවලට මහ වැසි සමග ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 35ක් පමණ කැඩී ඇතැයි ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මාර්ග රැසකට ගස් කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිවී තිබෙන බව ද පොලීසිය කියයි.