(සුජිත් හේවාජුලිගේ)
මොඩර්නා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය .
මහනුවර මහරෝහලේ නීති වෛද්‍ය නිලධාරිවරයා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කළේය.
මොඩර්නා එන්නතේ ශරීරයට අහිතකර දෑ අඩංගු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු සංසරණය වන බවද එම වෛද්‍යවරයා ඒ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මොඩර්නා එන්නත මේ දිනවල මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ජනතාවට ලබාදෙන අවස්ථාවක ජනතාව අතර එන්නත්කරණය පිළිබඳ විශ්වාසය පළුදු කිරීමේ අදහසින් මෙම අසත්‍ය ප්‍රචාර සිදුකරන බව පෙනී යන්නේ යැයිද ඔහු එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලිස් මූලස්ථානය පවසයි.

