( රංජිත් රාජපක්ෂ )
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු බවට සැක කෙරෙන මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පවසයි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල් වත්ත ප්‍රදේශයේදි ඊයේ (27) රාත්‍රි 9 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.
අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථය මාර්ගයේ සංඥා කුලුණක ගැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
මොටර් රථයේ ගමන් ගත් අය අනතුර පිළිබඳ පොලිසියට දැනුම් දීමකින් තොරව අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.
අනතුරට පත් මොටර් රථය තුළ මත් පැන් ටින් කිහිපයක්ද තිබෙන අතර මොටර් රථය ධාවනය කළ රියදුරා සහ මොටර් රථය තුළ ගමන් ගත් අය මත්පැන් පානය කර ගමන් කිරීමෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
හැටන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.