මෛත්‍රීමූර්ති හිමියෝ - රම්‍යා වනිගසේකර සබරගමු සරසවියෙන් සම්මාන ලබති


 

(ප්‍රින්ස් රත්නායක සහ සම්පත් ප්‍රියනන්දන)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට 25 ක් වසරක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයකදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශවයේ සබරගමු පළාත් මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝත් ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක්, චරිතාංග නිළියක් මෙන්ම රූපවාහිනී නිළියක්ද වන රම්‍යා වනිගසේකරත් ගෞරව සම්මාන ලැබූහ.

විශ්ව විද්‍යාලයට පුරා වසර 25 ක් සිදුකළ සේවය වෙනුවෙන් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශවයේ සබරගමු පළාත් මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ සම්මානයට පාත්‍ර වූහ.

සබරගමුවේ උපත ලද රම්‍යා වනිගසේකර, ගුවන් විදුලි නිවේදිකාවක්, චරිතාංග නිළියක් සහ රූපවාහිනී නිළියක් ලෙසින් සිදු කළා වූ මෙහෙවර වෙනුවෙන් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට 25 ක් වසරක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂාංග රැසකින් යුක්තව පැවැත්විණි. එම අවස්ථාවට විශ්ව විද්‍යාල සේවක ප්‍රජාව ආරාධිත පිරිස, පීඨාධිපතිවරු, අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලයේ රැසක් එක්ව සිටියහ. උත්සවය අද (2) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.