පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා කිහිපයක අය වැය දිනා ගැනීමට නොහැකි වු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී (එජනිස) විජිත පුංචිහේවා මහතා පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ 27 වැනිදා පැවති නගර සභා මාසික සභා රැස්වීම අමතමිනි.නගර සභාපති වේවැල්දුවේ ඥාණ ප්‍රභ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.