මෛත්‍රීගේ රැස්වීමට පිට්ටනිය නොදේ


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ පෞද්ගලික ඉඩමක සෙනසුරාදා පැවැත්වීය.

අක්කර බාගයක් පමණවූ ඉඩම මහජනයාගෙන් පිරී ගිය අතර එහි ඇතුළුවීමට නොහැකිවූ සෙනග පාරේ සිටියහ. මේ නිසා පැය 5 ක් පමණ එම මාර්ගය වසා දැමීමට පොලිසියට සිදුවිය.

මහජන ක්‍රීඩාංගණය හිස්ව තිබූ බවද පෙනිණි. එම පාරේ බස් ඇතුළු වාහන වෙනත් මාර්ගවලට හරවා යැවීමටද සිදුවිණි.