
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුතා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න යන අයට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඉකුත් 23 වැනි දින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ කාන්තාවක් බැලීමට පැමිණි අවස්ථාවේදී පහරදීම සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික් මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් විශේෂ විමර්ශන එකේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එස් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායමක් ද කැලණිය කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයකු වන සුමිත් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තවත් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

