හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ අයට මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් ලැබුණොත් අගමැති ධුරය නොලැබුණත් රාජපක්ෂ මහතා මැදමුලන සිට රට පාලනය කරනු ඇතැයි වමේ කේන්ද්‍රයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා පැවසීය.
එබැවින් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකකම හෝ නාමයෝජනා නොදුන්නොත් ඔහුගේ පිලේ අයට වැඩි බලයක් ලැබෙන අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළහොත් එය ඔහුගේ නායකත්වයටම අභියෝගයක් වනු ඇතැයි ද කුමාර මහතා කීවේය.
වර්තමානයේ දී ද සිරිසේන මහතාගේ දේශපාලන කටයුතු මෙහෙයවන බලවේගය බවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායම පත්ව ඇතැයි කී කුසුම් කුමාර මහතා ඔවුන්ට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලැබුණහොත් ජනාධිපතිවරයාට අනාගතයේ දී රාජපක්ෂ පිලේ සිරකරුවකු වීමට සිදුවනු ඇතැයි ද පැවසීය.

