ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ තායිලන්ත සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
නොවැම්බර් 01 වනදා තායිලන්තය බැංකොක් නුවර බලා පිටත්වන ජනාධිපතිවරයා එහිදී එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ බලධාරින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගී වනු ඇත.

