මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ද වන   ජනපති සිරිසේන හිටපු ජනපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.

 ජනාධිපතිවරයා බොහෝ දුරට මැතිවරණ කටයුතුවලින් ඉවත් ව සිටිනු ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර ඇත.

හිටපු ජනපතිවරයාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති මෙසේ කියා ඇත.

‘ඔහු ජනපතිවරයා වුවද   පක්ෂය සම්පූර්ණයෙන් පාලනය කළේ නැහැ. කෙසේ නමුත් ඔහු මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරයි‘