මෛත්‍රී ජේ.ආර් කේන්ද්‍රයේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ නිරීක්ෂණ  චාරිකාවක නිරත විය.

ජනාධිපති කාර්යාලය භාරයේ පවතින ආයතනයක් වන ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය නිරික්ෂණ කිරීම සඳහා ජනාධිපතිවරයෙකු මෙලෙස  පැමිණ ඇත්තේ වසර 20 ට පමණ පසුව බව කියති.

එහි වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පාලක සභා සාමාජිකයින් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එහිදී දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පරිහරණය කළ භාණ්ඩ ඇතුළත් කෞතුකාගාරය සහ පුස්තකාලයද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.

ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ලැබු සමරු තිළිණ සහ සිහිවටන ඒකරාශි කොට අනාගත පරපුරට දැකබලා ගැනීමට සැලැස්වීම සඳහා  ජේ.ආර්.ජයවර්ධන මහතා ගනු ලැබු ක්‍රියාමාර්ග ජනපති ප්‍රශංසා කළේය.