මෛත්‍රී ඉන්න ගමන් මහින්ද අගමැති කිරීම අපේ වෑයමයි


(බදුල්ලේ පාලිත ආරියවංශ)

ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න  මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ එකම පරමාර්ථය. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා  බදුල්ලේ සිය නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (11) දා පැවසීය. 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. 

අපි කවුරුත් උත්සාහ කරන්නේ 2020 ජනාධිපති අපේකෂක යූඑන්පියට විරුද්ධව ඉදිරිපත් කිරීමේ කාර්යයි. එම කාර්යභාරයේ 90%ක්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ.

අපි මහින්ද මහත්තයා හමු වුණ වේලාවෙත් මහින්ද මහත්තය කිව්වේ  පොඞ්ඩක් ඉන්න අපි නම් කරන කල් කියලා. අපි ඉන්නේ මහින්ද මහත්තය නම් කරන තෙක් තමයි.

මහින්ද මහත්තයා නම්කරන අපේක්ෂකයා තමයි අපෙත් අපෙක්ෂකයා වෙන්නේ.

අපි  හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නම්කරන  අපේක්ෂකයා වටා මෛත්‍රීපාල මහත්තය වටේට ඉන්න පක්ෂයේ අයත් ගොනු කරන්න. ඒකෙන් කීප දෙනෙක් යූඑන්පියට යයි. ඒක වෙනම ප්‍රශ්නයක්. අපිත් ප්‍රාර්ථනා ක රන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ඊළග ජනාධිපතිවරණයට අපේක්ෂකයා නම්කරන්නයි. 

හැබැයි 2020 ජනාධිපතිවරණය වනතෙක් ඒ සඳහා ඉන්න ඕන නැහැ.

 අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ජනාධිපතිධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා  අගමැති කරන්න ඕන කියන මතයේ.

එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල් පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා.

ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.