මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් සුදුසු ස්ථානයක සංවිධානය කිරීමට පියවර ගෙන ඇතැයි ද, දෙදෙනාම ඊට එකඟත්වය පළ කර ඇතැයි ද හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
පක්ෂයේ ගැටළු නිරාකරණය කරගෙන පක්ෂය සමගි කරවීම එම සාකච්ඡාවේ අරමුණ බවත් ඔහු පැවසීය.

