මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇතැයි කියන තීරණය පිළිබඳව විමසීම සදහා ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට වෙහෙසුණු විද්වතුන් පිරිසක් හා ජනාධිපති අතර ඊයේ දින සුවිශේෂී සාකච්ඡාවක් පැවති බව වාර්තා විය. එම සාකච්ඡාවට සහභාගී වූ විද්වතෙකුගෙන් (මහාචාර්ය සරත් විජේසුරිය) ඒ පිළිබඳව විමසීමේදී එවැනි සාකච්ඡාවක් පැවති බව ඔහු තහවුරු කළේය. නමුත් එහිදී සාකච්ඡා වූ කරුණු හෙළි කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.

