මේරිලන්ත කඨින සිවුරට පන්සලේම පඬු පොවයි


ඇමෙරිකාවේ මේරිලන්ත බෞද්ධ විහාරයේ වස් පින්කම කටුගස්තොට උපරතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. හිටපු මන්ත්‍රී උඩවත්තේ නන්ද හා සාරසියපත්තුවේ මංගල හිමියෝ ද, පින්කමට වැඩම කළහ. දහම්පාසැල් සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් කඨින චීවරය පෙරහැරින් විහාරස්ථානයට වැඩම කළහ. කරලියද්දේ මහානාම හිමි සහ කොබෙයිගනේ සිරිරතන හිමි සිවුරු පඩු පොවති.