මේත් එළවළු ප‍්‍රවාහනය ගැනයි
එළවළු හිඟයක් පවතින නිසා ආර්ථික මධ්‍යස්ථානවලට හැකි ලෙස එළවළු ගෙන එන ලෙස යුද හමුදාව දඹුල්ලේදී ගොවීනට පැවැසීයැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පවසයි.
කොළඹට එළවළු ප‍්‍රවාහනය කරන ලොරිවලට ආරක්ෂාව සපයන බවද එහෙත් ඒවා නීතියට අනුව කළ යුතු බව හමුදාව කියා ඇතැයි මාධ්‍ය ලේකම්වරයා කියයි.
කැමැති විදියට එළවළු ප‍්‍රවාහනය කරන ලෙස හමුදාව පැවැසුවේ නැතැයි කියන ඔහු ගොවිබිමේ සිට ගෙන එන එළවළු අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඇසුරුම් රහිතව මහා පරිමාණයෙන් එළවළු ප‍්‍රවාහනය කරන ලොරි අත්අඩංගුවට ගන්නා බවත් වෙළෙඳ ඇමැති කලින් පවසා තිබෙන බවද මාධ්‍ය ලේකම් සඳහන් කරයි.

