නිළ ඇඳුම ඇඳ සිටි මේජර්වරයකු හා සාමාන්‍ය ඇඳුමෙන් සිටි කෝප්‍රල්වරයකු අතර කටුගස්තොට දී ගැටුමක් ඇති විය.
මේජර් වෑන් රියක් පදවමින් සිටි අතර කෝප්‍රල් සිය බිරිය සමග පාර මාරු වෙමින් සිටිය දී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් පසු තමන්ට පහර දුන් බව දෙදෙනාම පොලිසියට පැමිණිලි කර ඇත.

