ගුවන් යානයෙන් පැන අඩි 10000 ක ඉහළ අහසේ සිට පැරෂුටයක් දිග නොහැර ජාතික කොඩිය රැගෙන ගුවනේ සිට කරනම් ගසමින් අභිමානවත් වාර්තාවක් තැබීමට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් සුජිත් සිරංජීව සමත් විය.
අම්පාරේදී ඔහු 1131 වැනි පැරෂුට් පිම්මේදී එම වාර්තාව පිහිටවීය.
අඩි 10000 ක ඉහළ අහසේ සිට ගුවන් යානයෙන් පැන පැයට සැතපුම් 140 ක වේගයෙන් පහළට පැමිණ තත්පර 42 ක කාලයක් පුරා ජාතික කොඩිය ඔසවාගෙන සිටීමෙන් මේජර් සුජිත් සිරංජීව මෙම වාර්තාව තැබුවේය.ආරක්ෂා සහිතව පොළවට ගොඩබැසීමට ඔහු පැරෂූටය දිගහැරියේ අඩි 3000 සීමාවේදීය.





