තරිඳු ජයවර්ධන
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු මේජර් අජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් අනුව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.
නීතිඥවරයකුද වන හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා මහතා පසුගිය නඩු වාරයේ කරුණු දැක්වූයේ සැකකාර මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් පිට නොවන බව කරුණාසේකර මහතා පැවසූ බවත්, අජිත් ප්‍රසන්න මහතා පැවසුයේ ඔහුගේ පෞද්ගලික අදහස් මිස තමාගේ අදහස් නොවන බවත් කරුණාසේකර මහතා සඳහන් කළ බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
පාර්ශ්වකරුවකුගේ උපදෙස් නැතිව නීතීඥවරයකු අධිකරණයේ පෙනී සිටීම වැරදි බව කී අධිකරණය එලෙස පෙනීසිටී ගැන විවේචනය කළේය.