(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතතාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් 5,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (6) නියම කළාය.
යුද හමුදා මේජර්වරයකු ලෙස සේවයේ යෙදී සිටිමින් වසර 50 කට අදාළ සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
වර්ෂ 2010 සිට වර්ෂ 2014 දක්වා වූ වසරවලට අදාළව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු පහක් සම්බන්ධයෙන් එක් නඩුවක් සඳහා රුපියල් දහසක් බැගින් නඩු පහක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩයක් නියම කැරිණි.