මේජර් ජනරාල් විජයතිලක සමුගනී


යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අභාවප්‍රාප්ත විය.

පුණරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු කොටි සාමාජිකයන් පුණරුත්තාපනය කිරීමට ලොකු වෙහෙසක් ගත්තේය.

දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අවමඟුල අඟහරුවාදා බොරැල්ල කනත්තේ දී සවස 5.30ට සිදු කිරීමට නියමිතය.