මිරිහාන පොලිසියෙන් අත් අඩංගුවට ගත් සුදු වෑන් රිය යුද හමුදාවෙන් තමාට නිකුත් කළ එකක් බවත් තමන් මිරිහාන පොලිසියට අද පැය 5ක ප්‍රකාශයක් ලබාදුන් බවත් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා පවසයි.
එම වෑන්රියේ තිබූ පිස්තෝලයද තමාට හමුදාවෙන් නිකුත් කළ අවිය බවද ඔහු කියා ඇත. වෑන් රියේ ව්‍යාජ අංක තිබීම ගැන ඔහු කුමක් කීවාදැයි දැනගන්නට නැත.
මෙම සිදුවීමට අදාළ පර්යේෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

