තරිදු ජයවර්ධන
ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා අධිකරණයෙන් ලබා දුන් අවසරය අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා සිදු කිරීමේ සිද්ධියට අදාළව මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා සැකකරුවකු ලෙස නම් කිරීට ඉඩ ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විදෙස් ගමන් තහනම් කර තිබිණි.
ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබිය දී මේජර් ජනරාල්වරයා ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක තනතුර පත් කර තිබෙන අතර ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා පීඨයකට අප්‍රේල් පළමු වැනිදා සිට හත් වැනි දා දක්වා සංචාරයක් ද ලබා දී තිබිණි.
එම සංචාරයට සහභාගී වීමට විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස මේජර් ජනරාල්වරයා පසුගිය 29 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඊට අදාළ ලේඛණ ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව අමල් කරුණාසේකර මහතාට විදෙස් ගත වීමට පසුගිය 28 වැනි දා අධිකරණයෙන් අවසර ලැබිණි.
යළිත් ඉරිදා (01) මෝසමක් මගින් නඩුව කැදවමින් රහස් පොලිසිය මේජර් ජනරාල්වරයාගේ විදෙස් ගමන් අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. මේ ගැන ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කළ බවත්, අමල් කරුණාසේකර මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි නොදන්නා බව ලේකම්වරයා කී බවත්, මෙම විදෙස් සංචාරයට ඔහු නම් කර ඇත්තේ තමා නොව යුද හමුදාවෙන් බව ප්‍රකාශ කළ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අද (02) යළිත් නඩුව කැදවූ අවස්ථාවේ යුද හමුදාව අධිකරණයට දැනුම් දුන්නේ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ලබා දී තිබූ විදෙස් සංචාරය අවලංගු කළ බවයි. ඒ අනුව අමල් කරුණාසේකර මහතාට විදෙස් ගත වීටම ලබා දී තිබූ අවසරය අහෝසි කළ අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම දිගටම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.
මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ විදෙස් ගමන් අවසර යළි ඉවතට
Recommended Articles