මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට


තරිඳු ජයවර්ධන

නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල  දුන්නේයැයි සැකපිට ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (05) සවස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.