මේ මාසේ 15000 කට නිවාස ණය දෙයි


(අංජුල මහික වීරරත්න)

 “සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සභාපති රජීව් සූරියාඅරච්චි මහතා පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙවර අයවැය මගින් මෙම වසරේ නිවාස සංවර්ධනය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 7,650ක් වෙන් කර තිබේ.