මේ දරුවාට පිහිට වෙමු


ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිටිය දී දෙපා පණ නැති වු තුල්හිත් කිෂාන් දරුවා(13) අද ඔත්පලව ඇඳක් මතට වී සිටියි. එසේ වුව ද ඔහු තම ඉගෙනීමේ ආශාව අතහැර  නැත. සිය එකම සොයුරිය වූ අක්කාගෙන් පාඩම් වැඩ අසා ගන්නා තුල්හිත් අක්කාගෙන් ජපන් බස ද ඉගෙන ගත්තේය. දැන්  අක්කාට ජපන් බස ගැන යම් යම් දේ කියා දීමට තරම් දක්ෂයෙකි. තුල්හිත් අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබිය යුතු වුව ද ඔහුට පාසල් යාමට හැකියාවක් නැත.

තුල්හිත්ගේ මව ශිරෝමි විජේරත්න මහත්මිය (43) හා පියා එච්.කේ.ප්‍රියන්ත ජයදේව (47) දෙදෙනාට ද ස්ථිර රැකියාවක් නැත.  වරායේ සේවකයකු වු ජයදේව මහතා  තුල්හිත්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට  නිවාඩු ගැනීමට සිදුවීම නිසා රැකියාව අහිමි වී ඇත.

ඉන්නට හරිහැටි නිවසක් හෝ නොමැති මේ යුවල තම දරුවන් දෙදෙනා සමග දිවිගෙවන්නේ ගාල්ලේ කලේගානේ කුලියට ගත් නිවෙසකය. කලේගානේ පාරම්පරික ලී කැටයම් පවුලකින් පැවත එන ජයදේව දැන් තමන්ට හැකි පමණින් ලී කැටයම් නිෂ්පාදනයේ යෙදී සිටිය ද ඉන් ලැබෙන ආදායම ඔවුන්ට ජීවත් වීමට හෝ ප‍්‍රමාණවත් නැත.

මවගේ ගිනුම් අංකය - ජී.එච්.ශිරෝමා එල්කාන්ති විජේරත්න 06133450864-101 සෙලාන් බැංකුව - ගාල්ල ශාඛාව

P1020338

 002 003 004 P1020343 P1020345 P1020346 P1020349