මේ අවුරුද්දේ ළමා අම්මලා 2000ක්


(සුජිත් හේවාජුලිගේ )

බාල වයස්කාර ගැහැණු දරුවන් 2000ක් මේ වසරේ ගෙවී ගිය කාලයේදී මවුවරුන් බවට පත්ව ඇතැයි වාර්තා වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

මේ අතර බාල වයස්කාර ගැහැණු දරුවන් දස දෙනකු පසුගිය නොවැම්බර් මාසයේදී ගැබ් ගෙන ඇතැයිද පොලිස් වාර්තා අනුව පෙනී යන බව  අමරසිංහ මහතා සඳහන් කළේය.

බාල වයස්කාර ගැහැණු දරුවන් මවුවරුන් බවට පත්වීම බරපතල සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.