මෙහෙයුම් කමිටු වාර්තාව ගැන මත විමසයි


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතා අදහස් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට අදාළව පස් දින විවාදය ලබන 08 වැනි දා පැවැත්වීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩෙවි සහ ෆෙස්බුක් මෙම ජනතා අදහස් ලබා ගැනිමේ මත විමසුම ආරම්භ කෙරේ.
 
වෙබ් අඩෙවි හා ෆෙස්බුක් හරහා  ‘‘වෙබ් කමෙන්ට්” මගින් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ටද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවේ.