මෙහෙයුම් අතරතුර දෙමටගොඩදී පොලිස් නිලධාරීන් 3 ක් මරුට


දෙමටගොඩ  ප්‍රදේශයේ   සිදු වු පිපිරීමත් සමඟ එම  ස්ථානයේ   රාජකාරීයේ යෙදී සිටි    පොලිස් නිලධාරීන් තිදෙනකු  මියගොස් ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 පොලීසිය සහ තවත් පිරිසක් අතර දෙමටගොඩදී වෙඩි හුවමාරුවක්ද සිදු වු අතර  සිදුවීම සම්බන්ධයෙන් දෙදනකු  අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
 
 පිපිරීමෙන් තුවාල ලැබු පිරිස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.