මෙහෙමත් ගැරිල්ලක්


කතරගම ලූණුගම්වෙහෙර පාරට ගෙන ආ බොරළුවල නිල් මැණික් ඇතැයි පතළවීමත් සමග පාර කපා මැණික් ගැරීමට හා බොරළු රැුගෙන ගිය පිරිස් අතර ප‍්‍රදේශයේ පොලිසියකටද ඉල්ලම් පස් රැුගත් වාහන කිහිපයක් ගිය බව එහි සිටි පිරිස් කියති. ප‍්‍රබල දේශපාලඥයකුගේ අනුගාමිකයන් පිරිසක්ද මැණික් ගැරීමට එහි පැමිණ ඇතැයි කියති. මැණික් සොයන වැඩි දෙනා දුප්පතුන් නොව පිට පළාත්වලින් පැමිණි බල පුළුවන්කාරයන් හා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහචරයන් බව ගැමියෝ  කියති.