මෙහෙමත් කුඩම්මලා


සත්මස් වියැති අත දරුවකු ද සිටින කුඩම්මාගේ ද පියාගේ ද වද හිංසාවලට ලක්වූ බව කියන හය හැවිරිදි දරුවකු බේරාගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය ඔහු ද ඔහුට හිරිහැර කළ දෙදෙනා ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සුළු මව මේ දරුවාගේ දෑත් උඩට ඔසෙවා කණුවක බැඳ දෙපැයක් පමණ වදහිංසා කරන බවත් තේ කහට හැර කිරිපිටි නොදෙන බවත් මව ආගිය අතක් නැති බවත් පොලිසිය කියයි.