මෙහෙමත් අම්මලා : දුව විකුණන් කයි


වයස අවුරුදු 14ක් වූ තම  දියණිය සලෙලුනට විකිණූ බව කියන මවක් ජුනි 18 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තගේ මහත්මිය නියෝග කළාය.

  කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි මහත්මිය ප්‍රදේශයේ පාසල් රැසක සිසු සසුවියන් දැනුම්වත් කරන ලෙස සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් පසු මෙම සිදුවිට තමාට වූ අතවරය පිළිබඳ දැනුම්වත්වී පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

පසුගිය වසරේ සිටම මව දැරිය මුදලට විකුණා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.