මෙහෙකාරිය මිනිස් වෙස් ගනී


පිළියන්දල නිවුන්දම රජයට සම්බන්ධ ආයතනයක ප්‍රධානියකුගේ නිවසේ, සේවිකාවක (50) හාම්පුතාගේ ඇඳුම් ඇඳ පිරිමි වෙස්ගෙන නිවසක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. ගෙහිමියා බැහැරට ගිය අවස්ථාවේ මෙහෙකාරිය මිනිස්වෙස්ගෙන මුහුණද ආවරණය කරගෙන රුපියල් 15,000ක්ද රන් වළල්ලක් ද කොල්ලකා ඇතැයි ද සි.සී.ටීවී කැමරා ඇය අත්අඩංගුවට ගැනීමට ද උදවු බව පිළියන්දල පොලිසිය කියයි. අනුරාධපුරයේ පදිංචි මෙම මෙහෙකාරිය මෙම නිවසට පැමිණ මාස හත අටක් බව ද පොලිසිය කියයි.